Saturday, September 6, 2014

ඈ ඇවිදින් මගේ ලඟට...




ඒ ලස්සන නෙතු අද්දර
හිඳ මොහොතක් කල් ගෙවන්න 
ඇගේ ආදර වදන්වලට
මගේ කන් පොඩි යොමන් ඉන්න

ඇගේ අතින් අල්ලාගෙන
වගක් නැතුව ඇවිද යන්න
මගේ ලඟට ලන් කරගෙන
ඇයගේ වත සිප විඳින්න
 

Thursday, September 4, 2014

තමන් ආදරය කරන කෙනා නැති වුණා කියලා දුක් වෙන්න එපා....



    කෙල්ලෝ කොල්ලෝ යාළු වෙනවා. හිටපු ගමන් හැමදේම අතෑරලා කෙල්ලෝ යන්න යනවා. ඒ වෙලාවට සමහරු වහ බොනවා. මෝඩම කොල්ලො නම් කෝච්චියට පනිනවා. ඒත් ඔය හැම වෙලාවකම කෙල්ලො ස්කින් එක ලස්සන වෙන්න පපායා ජූස් බොනවා. ඉතින් එහෙව් එකේ කොල්ලො නිකං මොකටද මැරෙන්නේ? මෙන්න තියෙනවා හිත හදාගන්න පුළුවන් හොඳම ක්‍රම ටිකක්. ඔයාටත් බූට් එක්ක මූණ පුරා හම්බුණු දවසක උත්සහා කරලා බලන්න. දැන් බූට් එකක ඉන්නවා නම් දැන් අත්හදා බලන්න.

පියවර 01
බූටි සිංදු නම් අහන්නෙපා. මුළු ලෝකෙම දැනගන්නවා එතකොට බූට් බූට් එකක් කාලා කියලා. හොඳ බීට් එකක් තියෙන, හොඳට නැගලා යන සිංදු ටිකක් අහන්න.

පියවර 02
ඔයා කැමති වෙන කෙල්ලෙක් ඉන්නවා නම් එයා ගැන හිතන්න දැන් කාලෙ හරි..

පියවර 03
ඔය කෙල්ල යාළුවෙක් විතරක් නම් ආශ්‍රය කරද්දි එෟ හොඳට මතක තියාගන්න.

Wednesday, September 3, 2014

ප්‍රේමය නම්.....





    යොවුන් ආදරය  වැඩිහිටි දෑසින් දකින්නේ විවිධාකාර කෝන තුලින් බොහෝ වැඩිහිටියන් තමන් ජීවිතයේ පසුකර ආ තරුණ ගැටවර වියේ දුර තමන් ලද අත්දැකීම් දූ දරුවන්ගේ ආදර සම්බන්‍ධතා දකින විට ඒවාට ආදේශ කරගන්නේ විරෝධාත්මක හැගීම් මතු කරමින්. එක් වරම තම දූ දරුවන් කෙරෙහි  තද බල විරෝධතාවයන් වාරනයන් වලට එළබීම බොහෝ දෙනා මේ තුලින් දකිනවා. තම අත්දෑකීම් ඇසුරු කරගෙන වාරණයන්ට වි‍රෝධතාවයන් දක්වනවාට වඩා දූ දරුවන් සමග සාකච්ඡා කරන තැනකට යනවා නම් අපූරු බවයි අප හිතන්නේ.

       අප තරුන විය පසුකල හැත්තෑව දශකයට වඩා ගෙවී ගිය දශක හතරක අතීත කාලය වර්තමානය වන විට කාලය විසින් අපේ ජීවන වට පිටාව වෙනස් කරලා.  ලිහිල් වෙලා. ඉතින් අපිට ඒ අතීතයේ ජීවත් වෙන්න බැහැ.

Tuesday, September 2, 2014

කෙල්ලෙක් ගැන හිනා යන්නෙ නැද්ද ඉතින්....




1. තමාගේ පෙනුම කොයි වගේද කියන ප්‍රශ්නයට කෙල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අවංක පිළිතුරක් නෙවෙයි. තමන්ව සතුටු කරන පිළිතුරක්.

2. සෞදි අරාබියේ කාන්තාවකට දික්කසාදය ලබගැනීමට තම ස්වාමියා තමාට බීමට කෝපි ලබාදීම ප්‍රතික්ශේප කිරීමත් ප්‍රමාණවත් හේතුවක්

3. ඉතාලියේ මේරි යන නම ඇති කාන්තාවන්ට ගණිකා වෘත්තියේ යෙදීම නීතියෙන් තහනම්

Sunday, August 31, 2014

විශ්වාස කරනවද කෙල්ලොන්ගෙ සමහර වචන භයානක බව....




1. හරි දැන් ඒක ඉවරයි - ගැටුමක අවසානයේදී යොදාගන්න අතර මෙසේ කීමෙන් පසු කොල්ලා කටපියා ගැනීම හොඳය.

2. විනාඩි පහක් දෙන්න - කෙල්ල ඇඳුම් අඳිනවානම් මේ කියන්නේ පැය බාගයක් ගැනය.කොල්ලාට ගෙදර කෑම උයන්න උදව්වෙන්න කලින් විනාඩි 5ක් මැච් එක බලන්න කිව්වා නම් ඒ කියන්නේ හරියටම විනාඩි 5ක් ගැනය.

3. ඕන එකක් කරගන්න - මෙය අවසර දීමක් ලෙස වැරදියට වටහාගන්න එපා. ඔය කියන්නේ කරන්න එපා කියාය.

Saturday, August 30, 2014

කවදාවත් මේ දේවල් කෙල්ලට නම් කරන්නෙපා කොල්ලනේ....






1. කවදාවත් එයාගේ මුහුණ, හිසකෙස්, සිරුර, ඇඳුම් ගැන විහිළු කරන්න යන්න එපා

2. එයාව අපහාසයට පත්වෙන කතා කියන්න එපා. මේ කියන්නේ විහිළු කරන එක ගැන නෙවෙයි, විහිළු අවුලක් නෑ.

3. වෙන කෙල්ලොන්ට පැණි හලන්න යන්න එපා. මෙහෙම කළාම කෙල්ලට ඔයාව වැඩිපුර ඕනේ වෙයි කියල හිතන්න එපා, ඒකෙන් වෙන්නේ එයාට ඔයව හොඳටම එපා වෙන එකයි.

Friday, August 29, 2014

ඔබේ පෙම්වතිය වඩාත් ප්‍රිය කරන ඒත් කිසිදා වචනයෙන් නොඉල්ලන දේවල් 45ක්.....


sweet love

=======================================================================

1. හැකි සෑමවිටකම ඇයව ඔබට තුරුල්කරගන්න.

2. ඇයත් සමඟ හැකිතරම් කතාබහ කරන්න.

3. ඔබේ රහස් ඇයත් සමඟ බෙදාගන්න.

Wednesday, August 27, 2014

ආදරයේ උණුසුම ලඟ දුක දැනෙන්නෙ නෑ...




ආදරයේ උණුසුම ලඟ දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නැ
ජීවිතයේ හැමදාමත් සැප රැදෙන්න නෑ

සිනහවෙවී සිනහවෙවී කල් ගෙවන්න නෑ


තොල් අග මදහස දල්වන
ප්‍රාර්ථනා මල් පිඹිදෙයි
ලෝකය උඩු යටිකුරු වී
ප්‍රාර්ථනා වන් වැලලෙයි..
සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
සිනහ නැගෙයි කඳුල පිරෙයි එයයි ජීවිතේ


Monday, August 25, 2014

තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්....




තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ලඟින්
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ලඟින් 


සිව් වසරක පෙම් ගීතය ගොළුවෙලා ගියාදෝ
අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලන්ඳුවාදෝ



තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ලගින්



මායාවකි ප්‍රේමය මා... හදවත රිදවූයේ..
සෝ ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේදෝ



තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ලඟින්
=============================================================================================

 ගීතයේ කියවෙන්නේ ඇත්තටම මොකක්ද? 

=============================================================================================

මම ඔබත් එක්ක කොතරම්නම් ආදරේකින්ද හිටියෙ... අපි කොතරම් ආදරේ කරන්න ඇද්ද...... ගිරවියෙක් වගේ ඔයා කියවනව කියවනව ඉවරයක්න නෑ. වැඩේ කියන්නෙ මමත් පුදුම විදියට ඒ කියවිල්ලට ආදරේකලා..... මට ලෝකයක් කියල දෙයක් තේරුනේ නෑ. මොකද මගේ මුළු ලෝකයම උනේ ඔයා නිසා. පාළුව තනිකමට පුරුදුව හිටපු මම මටත් නොදැනෙන ලෙසින් ඔයා ගලවගත්ත.... පුදුමයි කෙල්ලෙ පුදුමයි......

Sunday, August 24, 2014

ඇහෙනවනම් සිත හඬන තරම්....




ඇහෙනවනම් සිත හඬන තරම්....
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ....//
පෙර දින රජ මැදුරක උන්නේ....
අද මා මහමග සැතපෙන්නේ.....
ඇහෙනවනම් සිත හඬන තරම්....
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ....

පතන පැතුම් සුළඟට මුසුවේ....
මියුරු වදන් කඳුලේ ගොළු වේ....//
සතුට උපන් හැම දිනක ළඳේ.....
කුමන නැටුම්දෝ මිහිමඩලේ....
ඇහෙනවනම් සිත හඬන තරම්....
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ....//

අපගේ අහිංසක ලොව බිඳිලා.....
ඔබද අනන්තෙක ඇත රැඳිලා.....//
ගිනි දළු මා දැක වෙලෙනු දනී....
ඔබ මල් යහනක නිදනු මැනේ.....
ඇහෙනවනම් සිත හඬන තරම්....
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ....//


Thursday, August 21, 2014

ආදරයේ ප්‍රීති උත්සවය...

         ආදරයේ ප්‍රිති උත්සවය ගැන කතා කරන්න කළින් ආදරය කියන එකට නිර්වචනයක් දීලා ඉමු. ආදරය කියන එක කෑමක රහක් වගේ. එක එක්කෙනාට දැනෙන විදිය වෙනස්. රහයි කියලා පිළිගන්න රහ කෑම තියෙනවා. කටේ තියන්න බැරි කෑම තියෙනවා. නීරස කෑම තියෙනවා. ආදරයත් ඒ වගේ. සමහර අය හොඳට රස බල බල ආ‍දරේ කරනවා. සමහර අයෙක් විකෘති ආදරයකින් ඉන්නවා. තවත් අයෙක් නොසොයා නොබලා නීරස ආදරයක ජීවිතේ ගෙවනවා. පවුලේ අයට, යහළු යෙහෙළියෝ අතර වගේම ආදරවන්තයෝ අතරත් දකින්න පුළුවන් මේ වගේ ආදර විලාසිතා.
කෑමක් රස ගුණ බලන්නෙ තනියමනෙ. ආදරය කරන්න තනියම බෑ. ආදරය දෙන්නෙක් අතර බෙදා ගන්න කොට තමයි රස ගුණ දැනෙන්නෙ. ගන්න හා දෙන්න දෙකේම සමබර සංකලනයක්.
කෑමක රහක් තව කෙනෙකුට මෙහෙමයි කියල කියල වැඩක් නෑ. කාලම බලන්න ඕනෑ. ආදරයත් ඒ වගේ. ආදරය කරලම දැන ගන්න ඕනා.