Monday, August 25, 2014

තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්....




තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ලඟින්
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ලඟින් 


සිව් වසරක පෙම් ගීතය ගොළුවෙලා ගියාදෝ
අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලන්ඳුවාදෝ



තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ලගින්



මායාවකි ප්‍රේමය මා... හදවත රිදවූයේ..
සෝ ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේදෝ



තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ලඟින්
=============================================================================================

 ගීතයේ කියවෙන්නේ ඇත්තටම මොකක්ද? 

=============================================================================================

මම ඔබත් එක්ක කොතරම්නම් ආදරේකින්ද හිටියෙ... අපි කොතරම් ආදරේ කරන්න ඇද්ද...... ගිරවියෙක් වගේ ඔයා කියවනව කියවනව ඉවරයක්න නෑ. වැඩේ කියන්නෙ මමත් පුදුම විදියට ඒ කියවිල්ලට ආදරේකලා..... මට ලෝකයක් කියල දෙයක් තේරුනේ නෑ. මොකද මගේ මුළු ලෝකයම උනේ ඔයා නිසා. පාළුව තනිකමට පුරුදුව හිටපු මම මටත් නොදැනෙන ලෙසින් ඔයා ගලවගත්ත.... පුදුමයි කෙල්ලෙ පුදුමයි......

ඉතින් එච්චරටම මට ආදරේ කලේ ඇයි....... මේ තරමටම මට ඔයා නැතිව ඉන්න බැරි තැනට පත්කලේ ඇයි... ඒතරමටම ආදරේ කරල ඔයා මාව තනිකරල දාල ගියා.... එහෙම ගියානම් යන්න යන්න යන්න යන්න ඔයා යන්න.... ඇයි මේ ඔයාගෙ මතක, සුවද ඉතිරි කරල ගියේ.... මට බෑ ජීවිතේ ගෙවන්න... මට බෑ නැවතත් පරණ මගේ පාළු ජීවිතේ ගතකරන්න... හැම තැනක්ම ඔයා සින්නක්කර ලියාගෙන ඉවරයි. මට මාවත් අයිති නෑ දැන්.....

තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළඟින්.....

වසර හතරක් අපි ආදරේ කලා..... ඒක හරියට කල්ප හතරක් වගේ, සියවස් හතරක් වගේ... ඔයා ගියා කියල මම දන්නව... ඒත් ඔයා එනවද ආයෙත් මාව හොයාගෙන මට එහෙම හිතෙනව ... අපේ ආදර කතාව නැවතුනාද.... ඔයා වෙනත් ලෝකෙකට ගියාද....?(මෙහිදී රචකයා විසින් අවිනිශ්චිත ස්වරූපයක් අපිට පෙන්වනව... මෙයා අපේ සම්බන්ධෙ නවත්වලද ගියේ... වෙන කෙනෙක් ලගටද ගියේ... එහෙම නෙමෙයිද ? ආයෙ එනවද ඔයා...? ඔයා එහෙම කලේ කැමැත්තෙන්ද...? නෑ නේද...? අපිත් එහෙමයි යථාර්තය දැන දැන බලාපොරොත්තු තියාගන්නවා )

සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියා දෝ
අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ....

ඔයාට මේ තරමටම ආදරේකරල, මේ තරමටම අහස උසට බලාපොරෙත්තු තියාගත්ත ආදරේ අද මට නෑ..... මේක ඔයාගෙ වරදක්වත් ඔයා කරපු දෙයක්වත් නෙමෙයි... ආදරේ කියන්නෙ මායාවක් බව නොදැන ආදරේ කරපු මගෙයි වැරැද්ද.... දැන් ඉතින් මට ඔයත් නෑ.... තනිකමත් නෑ... සැනසීමත් නෑ..... හරියට අපේ අදාරකතාව, මගේ ජීවිතය, දුකෙන් පිරුණ ගීතයක් වගේ...

මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ
සෝ ගීයකි දුක් බර වූ
සැනසුම කොහි වේ දෝ....

මෙම ගීතයෙදි ප්‍රබලත්ම කාර්යක් කරනු ලබන්නෙ සංගීතයයි.... ගීතයෙන් කියන වේදනාව මුවහත් කරල අපේ හදවත් තුලට කිනිස්සකින් අනින්න වගේ ගිටාර් වාදනයක් වැයෙනව.... ගොඩාක් ආදරවන්තයින්ට අත්වූ ඉරණමක් ඉතාමත් සුන්දර විදියට නිර්මාණය කිරීම විශ්මය ජනකයි... අපේ සිංහල කලා කරුව ගැන කාතරන්න වචන නෑ... මේ ගීතයෙන් , මුසු වී ඇති සංගීතයෙන් හා මධුර හඩින් විරහවට පත්වූ ආදරවන්තයින් එදත්, අදත් හෙටත් හඩවනඑක නම් නවත්වන්න බැරිබව මා සටහන් කරමින් විචාරය අවසන් කරනව.

සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියා දෝ
අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ....

තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළඟින්.....

මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ
සෝ ගීයකි දුක් බර වූ
සැනසුම කොහි වේ දෝ....

තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළඟින්.....


 මේ සිංදුව ඕන අය ඩවුන්ලෝඩ් කරගන්න...

No comments:

Post a Comment