Thursday, September 4, 2014

තමන් ආදරය කරන කෙනා නැති වුණා කියලා දුක් වෙන්න එපා....



    කෙල්ලෝ කොල්ලෝ යාළු වෙනවා. හිටපු ගමන් හැමදේම අතෑරලා කෙල්ලෝ යන්න යනවා. ඒ වෙලාවට සමහරු වහ බොනවා. මෝඩම කොල්ලො නම් කෝච්චියට පනිනවා. ඒත් ඔය හැම වෙලාවකම කෙල්ලො ස්කින් එක ලස්සන වෙන්න පපායා ජූස් බොනවා. ඉතින් එහෙව් එකේ කොල්ලො නිකං මොකටද මැරෙන්නේ? මෙන්න තියෙනවා හිත හදාගන්න පුළුවන් හොඳම ක්‍රම ටිකක්. ඔයාටත් බූට් එක්ක මූණ පුරා හම්බුණු දවසක උත්සහා කරලා බලන්න. දැන් බූට් එකක ඉන්නවා නම් දැන් අත්හදා බලන්න.

පියවර 01
බූටි සිංදු නම් අහන්නෙපා. මුළු ලෝකෙම දැනගන්නවා එතකොට බූට් බූට් එකක් කාලා කියලා. හොඳ බීට් එකක් තියෙන, හොඳට නැගලා යන සිංදු ටිකක් අහන්න.

පියවර 02
ඔයා කැමති වෙන කෙල්ලෙක් ඉන්නවා නම් එයා ගැන හිතන්න දැන් කාලෙ හරි..

පියවර 03
ඔය කෙල්ල යාළුවෙක් විතරක් නම් ආශ්‍රය කරද්දි එෟ හොඳට මතක තියාගන්න.



පියවර 04
හොඳට කතා කරන්න. ඒත් ඕනවට වඩා ඕනේ නැති විදියට තමන්ගේ දේවල් කියවන්න යන්න එපා.

පියවර 05
මුහුදෙ ඉන්නෙ එක මාළුවෙක් විතරක් නෙවෙයිනෙ. ඉතින් වෙන මාළුවෙක් අල්ලගන්න..

පියවර 06
ගේ ඇතුලටම වෙලා ඉන්නෙ නැතුව එලියට ගිහින් යාළුවොත් එක්ක හොඳ ෆන් එකක් ගන්න.

පියවර 07
පොඩි එකා වගේ අඬන්න එපා.. යන යකා කොරහත් බිඳගෙන යනවා වගේ, ගියපු කෙනා ගියා. ආයෙ එන්නෙ නෑ.

පියවර 08
කොයි මොහොතකදිවත් තමන්ගේ රූපය ගැන සැක හිතන්න එපා.

පියවර 09
මේක ගොඩක් වැදගත් එකක්.. කෙල්ලගෙ ෆෙස්බුක් එකට ගිහින් නිකං හූල්ල හූල්ල ඉන්න එපා. ඒකෙන් වෙන්නෙ තවත් හිත රිදෙන එක.

පියවර 10
ඒ කෙල්ලව තමන්ගේ ජීවිතේ වැදගත්ම කෙනෙක් කරගන්නෙපා..

පියවර 11
ඒ කෙල්ල ළඟ පාතක ඉන්කොට නිකන් දැක්කෙ නෑ වගේ ඉන්න බලන්න

පියවර 12
හැමවෙලාවෙම හිතෙන්නෙ ඒ කෙල්ල ගැන නම් වෙන කෙනෙක් ගැන හිතන්න බලන්න. නැත්නම් ඒ කෙල්ල ගැන මතක් නොවෙන්න හොඳ ඇක්ෂන් ෆිලම් එකක් බලන්න.

පියවර 13
මිස්කෝල් ගහන්න මැසේජ් ගහන්න නම් යන්නෙපා. එයාගෙ නම්බර් එකත් ඩිලිට් කරලා දාන්න.

පියවර 14
වැදගත්ම කාරණාවත් නොවෙන්න කෝල් එකක්වත් ගන්නෙපා.

පියවර 15
තමන්ගෙ ජීවිතේ වැදගත්ම කෙනා එයා කියලා හිතන්නෙපා

පියවර 16
ඉඳලා හිටලවත් එයා කියන දේවල් ගණන් ගන්නෙ නැතුව ඉන්න. අපේ හිත් රිදෙනවා කියලා දැනෙන්නේ එයාලටත් ටිකක් රිදුනම තමයි..

පියවර 17
ඉගෙන ගන්න අයට මේ කියන්නේ... කට්ටිය ඇනගත්තොත් දුක් වෙන්නේ අම්මලා තාත්තලා මිසක් දාලා ගිය අය නෙවෙයි. ඒ නිසා ඒක හොඳට කරගන්න.

පියවර 18
මේ ලොකේ ඉන්න එකම කෙනා එයා කියලා හිත හතා යන්නෙපා. එයාට බෑ ඔයාගේ ජීවිතේ විනාස කරන්න. ඉදිරියට යන්න ධෛර්ය අරගන්න.

පියවර 19
ගිය දේ ගියා. යන කෙනාට යන්න දෙන්න. බලෙන් තියාගෙන ඔයාට තනියෙන් ආදරේ කරන්න බෑ..



පියවර 20
නික්න ඉන්නෙ නැතුව ජිම් එකකට ගිහිල්ල පොඩ්ඩක් ලුක් එක හදාගත්තොත් මොකද? ඊළඟ එකට රෙඩි වෙන් එපැයි..

පියවර 21
කෙල්ලගේ කොල්ලත් එක්ක රණඩු වෙන්න යන්නෙපා. තේරුමක් නෑ. මොකද මනුස්සයා දැනටමත් අමාරුවේ වැටිලා ඉන්නේ

පියවර 22
ඉස්සර හිටිය විදිය ගැන හිතලා දුක් වෙන්නෙපා. මොකද ආයේ එහෙම වෙන්නෙ නැති නිසා. හිත රිද්දගන්නෙ මොකටද?

පියවර 23
තමන්ගේ වැඩ කරන තැනින් හරි වෙන පිට තැනකදී හරි තමන්ව දාලා ගිය කෙල්ල නිසා ඔයාගේ චරිතෙ චාටර් කරගන්නෙපා.

පියවර 24
විරහ නිර්මාණ සම්පූර්ණයෙන්ම තහනම්. ට්‍රයි කරන කෙල්ලෙක් වෙනුවෙන් නම් ලිව්වට අවුලක් නෑ. ඒත් දාලා ගියුපු එකා වෙනුවෙන් නම් ලියන්නෙපා.

පියවර 25
අලුතෙන් යාළුවෝ හොයාගන්න මෙන්න නියම චාන්ස් එක. පුළුවන් තරම් යාළුවෝ එකතු කරගන්න. එයාලා ඉදිරියට ගොඩක් වැදගත් වේවි.

පියවර 26
පරණ දේවල් මතක් වෙන දේ කරන්න එපා. ආ ගිය තැන්, ආස කරපු කෑම ජාති, බලපු ෆිල්ම් එහෙම ආයේ කෙල්ලෙක් සෙට් කරගන්නකම් හරි නවත්වන්න.

පියවර 27
ඇත්තටම, සිරාවටම බොක්කෙන්ම එයාට ලව් කලා නම් එහෙම කරපු එක ගැන එක මොහොතකටවත් ජීවිතේ දුක් වෙන්න එපා. මොකද ඔයාව ලබන්න එයා පිං කරලා නෑ.

පියවර 28
අසාරථක ආදරවන්තයෙක් කියලා හිතන්නෙපා. හැම දෙයක්ම ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න.

පියවර 29
එයත් එක්ක අනාගතේ ගත කරන්න හිටපු ජීවිතය මතක් කරන්නෙපා. ඒවා ඔක්කොම ඉවරයි. දැන් ඔයා නිදහස් කෙනෙක්.

පියවර 30
හැමවෙලාවෙම හිතන්න එයා තමන්ට සුදුසු නෑ කියලා. පළවෙනි කෑල්ලට වඩා දෙවෙනි කෑල්ල රසවත්නෙ.


ලයික් එකක් දාන්න සදාතනික ආදරය අපේ page එකට

No comments:

Post a Comment