ඒ ලස්සන නෙතු අද්දර
හිඳ මොහොතක් කල් ගෙවන්න
හිඳ මොහොතක් කල් ගෙවන්න
ඇගේ ආදර වදන්වලට
මගේ කන් පොඩි යොමන් ඉන්න
මගේ කන් පොඩි යොමන් ඉන්න
නිල් කැට වන් නෙතු සඟලෙහි
වූ බැලමට නෙත් යොමන්න
ඇගේ ලඟට ලන් වී මට
ආදරයෙන් සනසවන්න
වූ බැලමට නෙත් යොමන්න
ඇගේ ලඟට ලන් වී මට
ආදරයෙන් සනසවන්න
එදා මා ඒ මැවු සිහින
අද ඇත්තක් වූ විලසට
මටත් හොරා නොසිතු ලෙසින්
ඈ ඇවිදින් මගේ ලඟට
අද ඇත්තක් වූ විලසට
මටත් හොරා නොසිතු ලෙසින්
ඈ ඇවිදින් මගේ ලඟට

No comments:
Post a Comment