
ආදරයේ උණුසුම ලඟ දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නැ
ජීවිතයේ හැමදාමත් සැප රැදෙන්න නෑ
ජීවිතයේ හැමදාමත් සැප රැදෙන්න නෑ
සිනහවෙවී සිනහවෙවී කල් ගෙවන්න නෑ
තොල් අග මදහස දල්වන
ප්‍රාර්ථනා මල් පිඹිදෙයි
ලෝකය උඩු යටිකුරු වී
ප්‍රාර්ථනා වන් වැලලෙයි..
ප්‍රාර්ථනා මල් පිඹිදෙයි
ලෝකය උඩු යටිකුරු වී
ප්‍රාර්ථනා වන් වැලලෙයි..
සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
සිනහ නැගෙයි කඳුල පිරෙයි එයයි ජීවිතේ
ආදරයේ උණුසුම ලඟ දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නැ
ජීවිතයේ හැමදාමත් සැප රැදෙන්න නෑ
සිනහවෙවී සිනහවෙවී කල් ගෙවන්න නෑ
දිවා රැයේ දකින සිහින
පවන් සලා ගිමන් නිවයි
සිහින ලොවම ගරා වැටෙයි
කදුලින් හදවත් ඇවිලෙයි..
ගි තරු පෙම් සුසුම් හඩින් පිරුණු ලෝකයේ...
සිනහ නැගෙයි කඳුල පිරෙයි එයයි ජීවිතේ...
ආදරයේ උණුසුම ලඟ දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නැ
ජීවිතයේ හැමදාමත් සැප රැදෙන්න නෑ
සිනහවෙවී සිනහවෙවී කල් ගෙවන්න නෑ
================================================================================
මේ සිංදුව අහන්න ඕනෙ නම් මෙන්න බාගන්න..
================================================================================
No comments:
Post a Comment