ලොකේ තියෙන ලස්සනම දේවල් එකට එකතු කරලා ඒ කට නම තියන්න පුළුවන් “ආදරය” කියලා. ආදරේ
ඇත්තටම ඒ තරම් හෘදයාංගම, ලස්සන දෙයක්. මිනිස් සිතක පහළ වෙන්නට පුළුවන් හුඟාක්ම
චමත්කාර ජනක හැඟීමක් තමයි ආදරය. ආදරයෙන් පිරුණු හදවතක හඳුනා ගන්න බැරි
මිහිරියාවක්, කියාගන්න බැරි සමනළ සුන්දරත්වයක් තියෙනවා. සුරංගනා ලෝකයේ තියෙන සතුට,
ආශ්චර්යමත් බව ලබා ගන්න පුළුවන්. එකම දේ ආදරය විතරයි. ආදරේ තියෙන මේ සුන්දරත්වය
වැඩි නිසාම මිහිරිකම වැඩි නිසාම ඒක නැති වුණාම දැනෙන දුක එතකොට වැඩියි. ආදරය නැති
වීමේ දුක ඒ තරමට ප්‍රබලයි.
කවදාවත් අහිමි වෙන්නෙ නැති, දුකක්
කඳුලක් ගෙන එන්නෙ නැති සදාකාලික ආදරයක් තියෙනවා නම් කොච්චර හොඳද.... ආදරය කරද්දී
අපේ හිත් රිදෙන්නේ නැත්නම්.... දුකක් හදවතේ ඉතිරි වන්නේ නැත්නම් ඒක කොච්චර
සම්පතක්ද....
ඒත්
කඳුළකින් තොරව පෙම් කතාවක් නැහැ කියලා අපි අහලා තියෙනවානේ. ඒ නිසා පුංචි හරි සිති
රිදවීමක් නොලබා ආදරය කරන්න බැහැ. කොහොම වුණත් ආදරේ කරන කෙනෙක් එක්ක පුංචි හරි හිත්
රිදවීම් නැතුව නැතුව ජීවත් වෙන්න පුළුවන් නම්... මේ ලෝකෙ ආදරේ කොච්චර නම් සුන්දර
වෙයිද නේද යාළුවනේ.... ඉතින් ඔයාලා දිගටම සදාතනික
ආදරයත් එක්ක රැඳිලා
ඉන්නකෝ.... මම ඔයාලට කියලා දෙන්නම් ඒ හිත් රිදවීම් විදිහක්... ආදරේ සුන්දරත්වය
චුට්ටක් හරි වැඩි කරගන්න විදියක්....
No comments:
Post a Comment