ලොකේ තියෙන ලස්සනම දේවල් එකට එකතු කරලා ඒ කට නම තියන්න පුළුවන් “ආදරය” කියලා. ආදරේ
ඇත්තටම ඒ තරම් හෘදයාංගම, ලස්සන දෙයක්. මිනිස් සිතක පහළ වෙන්නට පුළුවන් හුඟාක්ම
චමත්කාර ජනක හැඟීමක් තමයි ආදරය. ආදරයෙන් පිරුණු හදවතක හඳුනා ගන්න බැරි
මිහිරියාවක්, කියාගන්න බැරි සමනළ සුන්දරත්වයක් තියෙනවා. සුරංගනා ලෝකයේ තියෙන සතුට,
ආශ්චර්යමත් බව ලබා ගන්න පුළුවන්. එකම දේ ආදරය විතරයි. ආදරේ තියෙන මේ සුන්දරත්වය
වැඩි නිසාම මිහිරිකම වැඩි නිසාම ඒක නැති වුණාම දැනෙන දුක එතකොට වැඩියි. ආදරය නැති
වීමේ දුක ඒ තරමට ප්රබලයි.
Saturday, January 26, 2013
Wednesday, January 23, 2013
ඉස්සර නම් ඔය විදියට අහක බලන් යන්නෑ........
ඉස්සර නම් ඔය
විදියට අහක බලන් යන්නෑ....
දැක්කම නම් ඔය
විදියට හිත රිදවන්නේ නෑ....
හිනැහෙනවා කතා
කරනවා....
මා ළඟ
දැවටීලා....
මා ළඟ
දැවටීලා....
පුර හඳ වාගේ
ලස්සන මුහුණේ....
රන්වන් පාට
අගේ....
හිනැහෙන ගානේ
දෑසයි දිලුනේ....
මටමයි නේද
ඔබේ....
හිනැහෙන ගානේ
දෑසයි දිලුනේ....
මටමයි නේද
ඔබේ....
ඉස්සර
නම්................
සුන්දර නෑනේ
පෙරදා වාගේ....
ලස්සන දෑස
ඔබේ....
බලනා ඔබ නෑ
බැලුවේ....
හිතටයි දුක
හිතුනේ....
බලනා ඔබ නෑ
බැලුවේ....
හිතටයි දුක
හිතුනේ....
සාදරයෙන් පිළිගන්නවා සදාතනික ආදරය වෙත......
මගෙ යාළුවනේ ඔයාලත් ආදරය නිසා ගොඩක් දුක් විඳලා තියෙනවද? එහෙමත් නැත්නම් දැනටත් දුක් විඳමින් ඉන්නවද? සමහර විට ඔයාලට හිතෙනවා ඇති ආදරේ කියන්නෙ බොරුවක්.දුකක්.වංචාවක් කියලා. ආදරේ නිසා පැරදුනු අයට එහෙම හිතෙන එක සාධාරණයි මං නම් හිතන්නේ. ඉතින් ආදරේ දුකින් ඉන්න ඔයාලා එන්න මාත් එක්ක. ඇවිත් ඔයාලගේ දුක කියන්න. දුක බෙදාගන්න. එන්න මගේ බ්ලොග් එකට.
Subscribe to:
Comments (Atom)


