Saturday, September 6, 2014

ඈ ඇවිදින් මගේ ලඟට...




ඒ ලස්සන නෙතු අද්දර
හිඳ මොහොතක් කල් ගෙවන්න 
ඇගේ ආදර වදන්වලට
මගේ කන් පොඩි යොමන් ඉන්න

ඇගේ අතින් අල්ලාගෙන
වගක් නැතුව ඇවිද යන්න
මගේ ලඟට ලන් කරගෙන
ඇයගේ වත සිප විඳින්න
 

Thursday, September 4, 2014

තමන් ආදරය කරන කෙනා නැති වුණා කියලා දුක් වෙන්න එපා....



    කෙල්ලෝ කොල්ලෝ යාළු වෙනවා. හිටපු ගමන් හැමදේම අතෑරලා කෙල්ලෝ යන්න යනවා. ඒ වෙලාවට සමහරු වහ බොනවා. මෝඩම කොල්ලො නම් කෝච්චියට පනිනවා. ඒත් ඔය හැම වෙලාවකම කෙල්ලො ස්කින් එක ලස්සන වෙන්න පපායා ජූස් බොනවා. ඉතින් එහෙව් එකේ කොල්ලො නිකං මොකටද මැරෙන්නේ? මෙන්න තියෙනවා හිත හදාගන්න පුළුවන් හොඳම ක්‍රම ටිකක්. ඔයාටත් බූට් එක්ක මූණ පුරා හම්බුණු දවසක උත්සහා කරලා බලන්න. දැන් බූට් එකක ඉන්නවා නම් දැන් අත්හදා බලන්න.

පියවර 01
බූටි සිංදු නම් අහන්නෙපා. මුළු ලෝකෙම දැනගන්නවා එතකොට බූට් බූට් එකක් කාලා කියලා. හොඳ බීට් එකක් තියෙන, හොඳට නැගලා යන සිංදු ටිකක් අහන්න.

පියවර 02
ඔයා කැමති වෙන කෙල්ලෙක් ඉන්නවා නම් එයා ගැන හිතන්න දැන් කාලෙ හරි..

පියවර 03
ඔය කෙල්ල යාළුවෙක් විතරක් නම් ආශ්‍රය කරද්දි එෟ හොඳට මතක තියාගන්න.

Wednesday, September 3, 2014

ප්‍රේමය නම්.....





    යොවුන් ආදරය  වැඩිහිටි දෑසින් දකින්නේ විවිධාකාර කෝන තුලින් බොහෝ වැඩිහිටියන් තමන් ජීවිතයේ පසුකර ආ තරුණ ගැටවර වියේ දුර තමන් ලද අත්දැකීම් දූ දරුවන්ගේ ආදර සම්බන්‍ධතා දකින විට ඒවාට ආදේශ කරගන්නේ විරෝධාත්මක හැගීම් මතු කරමින්. එක් වරම තම දූ දරුවන් කෙරෙහි  තද බල විරෝධතාවයන් වාරනයන් වලට එළබීම බොහෝ දෙනා මේ තුලින් දකිනවා. තම අත්දෑකීම් ඇසුරු කරගෙන වාරණයන්ට වි‍රෝධතාවයන් දක්වනවාට වඩා දූ දරුවන් සමග සාකච්ඡා කරන තැනකට යනවා නම් අපූරු බවයි අප හිතන්නේ.

       අප තරුන විය පසුකල හැත්තෑව දශකයට වඩා ගෙවී ගිය දශක හතරක අතීත කාලය වර්තමානය වන විට කාලය විසින් අපේ ජීවන වට පිටාව වෙනස් කරලා.  ලිහිල් වෙලා. ඉතින් අපිට ඒ අතීතයේ ජීවත් වෙන්න බැහැ.

Tuesday, September 2, 2014

කෙල්ලෙක් ගැන හිනා යන්නෙ නැද්ද ඉතින්....




1. තමාගේ පෙනුම කොයි වගේද කියන ප්‍රශ්නයට කෙල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අවංක පිළිතුරක් නෙවෙයි. තමන්ව සතුටු කරන පිළිතුරක්.

2. සෞදි අරාබියේ කාන්තාවකට දික්කසාදය ලබගැනීමට තම ස්වාමියා තමාට බීමට කෝපි ලබාදීම ප්‍රතික්ශේප කිරීමත් ප්‍රමාණවත් හේතුවක්

3. ඉතාලියේ මේරි යන නම ඇති කාන්තාවන්ට ගණිකා වෘත්තියේ යෙදීම නීතියෙන් තහනම්